අපි ජිවත් වෙන්නේ මහා අමුතු ලෝකෙක. සමහර මිනිස්සු වෙනස් වෙන්නේ හිතාගන්න බැරි විදිහට. භෞතීය වශයෙන් විතරක් නෙමෙයි සමාජයීය වශයෙන් සහ හැසිරීම් රටා වලිනුත් මිනිස්සු වෙනස් වෙන්නේ පුදුම විදිහට.
ඉස්සර එකට ඉස්කෝලේ එක බත් එක බෙදාගෙන කාපු සමහරුන්ට අද අපිව නොපෙනෙන තරම්, ජිවිතේ කවදාවත් මත්පැන් වලට පෙලබෙන්නේ නැහැ කියල කියපු මිනිස්සු අද බොන්නේ SKY, Absolute Vodka වගේ ලොකු පන්තියේ බිම.
ආදරේ මේවත් එක්ක බලද්දී වෙනස්ම දෙයක්. අදරේදී මිනිස්සු වෙනස් වෙන එක දුලබ දෙයක් නෙවෙයි. සමහරු මට ඇගිල්ල දික් කරනවා මම වෙනස් වෙලා කියල. නමුත් ඒ කාලෙත් එක්ක බලද්දී අද මගේ තියෙන්නේ භෞථීය වෙනස් වීම් විතරයි. වෙන්න පුළුවන්, වෙනස් වෙන්න ඇති. නමුත් ඒ වෙනස් වීම නොදැනෙන්නේ ඇයි? සමහර විට අපේ වෙනස්වීම් තීරණය වෙන්නේ අන් අයගේ වෙනස් වීම් මත වෙන්න ඇති.
මිට වඩා තියන ලොකුම දුක තමයි ඉතාමත් කෙටි කාලයකදී වෙන වෙනස්වීම්. හරියට කඩමනින් ශ්‍රිතයක ප්‍රස්තාරයක් වගේ. අද අගය නෙමේ හෙට තියෙන්නේ. හෙට විදිහ නෙමෙයි අනිද්දා.
මොන විදිහට ජිවත් උනත් අන්තිමේ හැම මනුස්සයම යන්නේ එකම වලකට, පිච්චෙන්නේ එකම පෝරණුවේ.
ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශණා කළ ධර්මයේ කියන්නෙත් මේ ටිකමනේ. බැදීම් වැඩි වෙද්දී දුක වැඩියි. ආත්මාර්ථකාමී වෙන්න බැරි නිසා සමාජයේ ඉන්න බැදීම් තියෙන්නත් ඕන. හැමදේම හැරලා යන්න හිතුනත් බැදීම් කඩලා දාන්න ශක්තියක් නැහැ. සද කිදුරු ජාතකයේ අප මහා බෝසතාණන් වහන්සේට හීය වැදුනට පස්සේ උන්වහන්සේ අඩන්නේ තමන් ගේ බැදීම් නැති වෙන නිසා නෙමෙයි. තමන්ගේ වියෝව නිසා සද කිදුරිය වන විලාප දැකලයි උන්වහන්සේ හඩන්නේ.
සමහර මිනිස්සුන්ට එවැනි සිතිවිලි ඇති, සමහරුන්ට නැතුව ඇති. අපි තෝරාගන්න ඕන මොන මාර්ගයද? බැදීම් සමබර කරගන්නද? එහෙමත් නැත්තම් සියලුම බැදීම් කඩල ස්වාධීනව සත්‍ය මෙනෙහි කිරීමද? හ්ම්ම්

No comments:
Post a Comment
ප්‍රතිචාර | Comments